Saturday, May 11, 2024

General line - 0115112241

මුරලි..රංගන..පසුපසට - 'වනිඳු' ලංකා ක්‍රිකට් ඉතිහාසයට  




වනිඳු හසරංග  මංගල එක්දින ජාත්‍යන්තර තරගයට අද (2) සහභාගි වෙමින් ලබාගත්   කඩුලු ත්‍රිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබා තිබෙනවා.

ඒ,මෙරට ඉතිහාසය තුළ දඟ පන්දු යවන්නෙකු එක්දින ජාත්‍යන්තර තරගයක කඩුලු ත්‍රිත්වයක් ලැබූ පළමු අවස්ථාව ලෙසයි.

මුත්තයියා මුරලිදරන් හෝ රංගන හේරත් හෝ මෙම දක්ෂතාව දක්වා නොමැති බවයි වාර්තා අතර සඳහන් වන්නේ.