Friday, May 10, 2024

General line - 0115112241

වනිඳු හසරංගගේ කඩුලූ ත්‍රිත්වය ලෝකයේ අංක එකට




සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (02) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග වාර්තා කළ කඩුලූ ත්‍රිත්වය ලෝක වාර්තාවකට හිමිකම් කියා තිබෙනවා. 

දකුණත් පාදයෙන් පන්දු යවන්නෙකු එක්දින තරග ඉතිහාසයේ ලබාගත් පළමු කඩුලූ ත්‍රිත්වය ලෙසටයි මෙය සැලකෙන්නේ. 

සිය මංගල එක්දින ක්‍රිකට් තරගය ද වන මෙහිදී ඔහු ලකුණු 15කට කඩුලූ 03ක් බිඳ හෙළුවා. 

මංගල තරගයේ දී කඩුලූ ත්‍රිත්වයක් දවාගත් ලොව තුන්වන පන්දු යවන්නා ලෙසද ඔහු මෙහිදි වාර්තා පොත් අතරට එක්වුණා. 

නවක ක්‍රීඩකයින් පන්දු යැවීමෙන් සිදු කළ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලූ 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 155ක් පමණයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා. 

උපුල් තරංග නොදැවී ලකුණු 75යි. එය ඔහුගේ 34වන එක්දින අර්ධ ශතකය වන අතර මෙම තරගාවලියේ දී පිට පිට නොදැවී රැස් කළ දෙවන අර්ධ ශතකය ද වනවා. 

මෙම ජයග්‍රහණයත් සමඟ තරග 05කින් සමන්විත සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තුන්වන එක්දින ක්‍රිකට් තරගය ලබන 06වනදා හම්බන්තොට දී පැවැත්වෙනවා.