Saturday, May 11, 2024

General line - 0115112241

වීරයා වූ සඳකැන්ව ඊයේ තරගයෙන් කපන්න හදලා..බේරාගෙන ඇත්තේ සනත් -මෙන්න සියලු තොරතුරු 




සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (02) පැවති තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ ලක්ෂාන් සඳකැන් එම තරගයට සභාගිවීම වළක්වාලීමේ උත්සාහයක් පැවති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයෙකු nethnews.lk වෙත කරුණු අනාවරණය කළා.

ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කළමනාකාරීත්වය දරන විදෙස් පුද්ගලයෙකු මෙම උත්සාහයේ නිරතව තිබෙනවා.

ඔහු ලක්ෂාන් සඳකැන් වෙනුවට තමන් කළමනාකරු ලෙස කටයුතු කරන වෙනත් ක්‍රීඩකයෙකු තරගයට එක්කිරීමට ඔහු බලපෑම් කළ ද තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ උපදෙස් මත ලක්ෂාන් සඳකැන් තරගයට එක්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයා සඳහන් කළේ.