Friday, May 3, 2024

General line - 0115112241

"අපිට විශ්වාසයි " - හතුරුසිංහව ලංකාවට ගන්න හදන එක ගැන බංග්ලාදේශය උත්තර දෙයි 




චන්දික හතුරුසිංහව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුනුකාරිත්වයට පත් කිරීමට කැමැත්තෙන්  සිටියත්  ඔහු සිය කොන්ත්‍රාත් කාලය  අවසන් වන තෙක් බංග්ලාදේශයේ රැඳී සිටිනු ඇති බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කර තිබෙනවා.

එහි  සභාපති නස්මුල් හසන්  සඳහන් කර ඇත්තේ ඕනෑම කෙනෙකුට ඔහුව පුහුණුකරුවෙකු ලෙස අවශ්‍ය විය හැකි බවයි.

ඔහුත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා නොකල බවද පවසන ඔහු "අපි ඔහු සමඟ 2019 ලෝක කුසලානය තෙක් ගිවිසුම් ගතව ඉන්නවා. අපිට විශ්වාසයි ඔහු අපිත් සමග ඒ දක්වා රැඳී සිටීවි කියලා" යනුවෙන්ද පවසා තිබෙනවා.