Sunday, September 22, 2024

General line - 0115112241

වව්නියාවෙන් මෝටාර් උණ්ඩ 13 ක් සොයා ගැනේ (PHOTOS)




වව්නියාව, කනගරායන්කුලම, කොල්ලපුලියන්කුලම ප්‍රදේශයේ තිබී මෝටාර් උණ්ඩ 13 ක් සොයා ගෙන තිබෙනවා. 

ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මෙම මෝටර් උණ්ඩ තොගය සොයාගත් බවයි කනගරායන්කුලම පොලීසිය පැවසුවේ. 

වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය අදාළ ස්ථානයේ තවදුරටත් පුපුරණ ද්‍රව්‍ය තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නියමිතයි.