Sunday, September 22, 2024

General line - 0115112241

දඹුලු විහාරය ගැන ඇමති අකිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට ලැබෙන ආදායම සහ කන්දෙ විහාරයේ පිං පෙට්ටි මුද්‍රා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවලදී අදහස් පළ වුණා.

ඒ අනුව දඹුලු විහාරයේ ආදායම සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  අද අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "දෙදහස වසරේ ආදායම ලෙස පෙන්නුවේ 2,919,900 යි. හැබැයි 2015 දී පෙන්නන්නෙත් 2,971,000 යි. 1999 වගේ ඩොලර් එක දෙක අය කරද්දිත් පෙන්නලා තියෙන ආදායම මේකට සමානයි. හැබැයි දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ 1500ක් ගන්නේ. විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ විදේශිකයන්ගෙන් විතරයි මේ ටිකට් එක අය කරන්නේ." යනුවෙනි. 

විහාරස්ථානවල සිදුවන වංචාවන්ට නිලධාරීන් ද සම්බන්ධ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා. 

පිවිතුරු හෙළ උරුමය කැඳවූ මාධ්‍ය හමුවට එක් වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ආණ්ඩුව මේ හරහා සූදානම් වන්නේ භික්ෂූන් වහන්සේ බිය ගැන්වීමට බවයි. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල වැඩි දුරටත් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ විහාර දේවාලගම් පනත අහෝසි කළ යුතු බවයි.