Friday, January 10, 2025

General line - 0115112241

මෛත්‍රී ඝාතනයට පැමිණි කොටි කතට නැවතුම් දුන් කාන්තාවට දඩුවම් නියම කරයි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටිය දී ඔහුව ඝාතනය කිරීමට පැමිණි මරාගෙන මැරෙන කොටි කාන්තාවට නවාතැන් ලබා දීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට වසර දෙකක අත්හිටවූ සිර දඩුවම් නියම කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ විසින්.

සෙල්ව කුමාර් වේලමණි නැමති විත්තිකාරියට වසර දෙකක සිර දඬුවම් වසර 10කට අත්හිටවූ මහාධිකරණ විනිසුරුවරයා විසින් රුපියල් විසි පන්දහසක දඩ මුදලක් ද නියම කෙරුණා. 

2008 වර්ෂයේ ඔක්තෝබර් මස 09 වැනි දා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගමන් ගත් රථ පෙළකට බොරලැස්ගමුව පිරිවෙන හන්දියේ දී මරාගෙන මැරෙන කොටි සාමාජිකාවක් විසින් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළා.

එහි දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හානියක් සිදුව තිබුනේ නැහැ. ඔහුගේ ආරක්ෂාවට ගමන් ගත් වාහනවලට හානි සිදු වු අතර ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු ද තුවාල ලබා තිබුණා.