Monday, April 29, 2024

General line - 0115112241

අද වෛද්‍ය වර්ජනය නැවැත්වූ ඇත්ත හේතුව මෙන්න 




අද (05) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩවර්ජනය අත්හිටවූයේ  මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් කළ ඉල්ලීම නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (04) රාත්‍රියේ අගරදගුරුතුමන්ට දැනුම් දී තිබෙනවා.

මෙම හමුව අගරදගුරු නිවසේදී පැවැත්වුණා.

ඩෙංගු රෝගයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොයන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඊයේ දහවල් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් අගරදගුරුතුමන් මේ බව කියා සිටියා. 

ඊයේ (04) රාත්‍රියේ අගරදගුරුතුමන් හමුවූ අවස්ථාව පහතින් දැක්වෙනවා.