Sunday, September 22, 2024

General line - 0115112241

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ දැනුම්දීමට පෙර ජනපති ගත් තීරණය හෙළිකරයි




පසුගිය දින කිහිපයේදී වඩාත් ආන්දෝලයට ලක් වූ මාතෘකා කිහිපයක් කෙරෙහි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද (06) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කෙරුණා.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී කතාබහට ලක් වූ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය, උමාඔය ව්‍යාපෘතිය ඇතුළු කරුණු කිහිපයක් ඉන් ප‍්‍රධානයි.

ඒ අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට භාර දිය යුතු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය මහින්ද සමරසිංහ පවසන්නේ.

මේ අතර ඉකුත් දා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ "නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තමන් යටතට භාර දෙන්නේ නම් මාස 03ක් ඇතුළත සියලු වැරදිකරුවන් සොයා දඬුවම් පමුණුවන බවයි" යනුවෙන් ලෙසද මෙහිදී දහස් පළ කරමින් අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවා. 

අතුරුදන් වූවන්ගේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලාගේ දැනුම් දීමට පෙර සිටම මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබූ බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.