උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු භාර ඉරානයේ "ෆරාබ්" සමාගමේ හිමිකරු දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහායි.
ඒ අනුව ව්‍යාපෘතිය භාර නිලධාරීන් සහ පරිසර අමාත්‍යංශ නිලධාරීන් සමග ඔහු සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වුණේ.
ව්‍යාපෘතිය ඉදි කිරීමේ දී මතුව ඇති තාක්ෂණික ගැටළු නිවැරදි කිරීම සහ ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් දේපළ සඳහා වන්දි ලබා දීම ආදී කරුණු පිළිබඳ එහි දී සාකච්ඡා වී තිබෙනවා.
මේ අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට එළඹෙන බ්‍රහස්පතින්දා අමාත්‍ය මහින්ද අමරවීර මහවැලි අමාත්‍යංශයේ දී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
ඒ සඳහා ඇල්ල, බණ්ඩාරවෙල, හාලිඇල , ඌව පරණගම සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම සේවා නිලධාරීන් ආපදා කළමනාකරණ නිලධාරීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සහ ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරීන් ද කැඳවා තිබෙනවා.
"බිදුණුවැව අපි" සංවිධානය, බිදුණුවැව සහ බණ්ඩාරවෙල වෙළඳ සංගම්, බණ්ඩාරවෙල නීතීඥ සංගමය සහ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා 06 නමක් ද එම සාකච්ඡාවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මෙම සාකච්ඡාවට කැඳවා නොමැති බවයි නෙත් නිව්ස් වෙත වාර්තා වුණේ.
පසුගියදා අමාත්‍ය මහින්ද අමරවීර උමා ඔය ව්‍යාපෘතිය නිසා හානියට පත් ප්‍රදේශවල සංචාරය කළ අවස්ථාවේ ඔහුට බාධා කළ බවට සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණා.