පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අතර වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
පසුගිය ආණ්ඩුව සමයේ ඇති කර ගත් පෝර්ට් සිටි ගිවිසුම සම්බන්ධයෙන් ආශු මාරසිංහ මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර ඇත්තේ පාර්ලිමේන්තු ලොබියේදීයි.
පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉඩම්වල අයිතිය චීනයට හිමිවන ආකාරයෙන් එම ගිවිසුම අත්සන් කළේ ඇයිදැයි මන්ත්‍රීවරයා විමසා තිබෙනවා.
ඊට මහින්ද රාජපක්ෂ මහතා ආවේගයෙන් ප්‍රතිචාර දක්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.