යුද්ධයක් ඇතිකිරීමේ හා නැති කිරීමේ බලයක් ජනමාධ්‍යට තිබෙන බව මහාචාර්ය ජයන්ත සේනාරත්න පවසනවා.
වියට්නාම යුද්ධයේදී නික් හට් ලබා ගත් ගැහැණු ළමයෙකු නිර්වස්ත්‍රව දුවගෙන එන ඡායාරූපය යුද්ධය නවතාලීමට සමත්වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මහාචාර්යවරයා මේ බව කියා සිටියේ ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන අමාත්‍යාංශය මගින් ''පන්හිඳට සංයමය ''තේමාව යටතේ සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනුයි.
ශ්‍රීලංකා පුවත්පත් ආයතයේ දී මාධ්‍ය වේදීන් දැනුවත් කිරීම සඳහා මෙය පැවැත්වුණා.
''ජනමාධ්‍යට විශාල බලයක් තියෙනවා පෑන සහ කැමරාව තුළ. ඒ තුළින් යුද්ධය ඇතිකරන්න පුළුවන්,ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන්න පුළුවන්,මිනිසුන්ගේ පහත් හැඟීම් අවුස්සන්නත් පුළුවන්.ඒ වගේම සාමය ඇති කරන්නත් පුළුවන්.
ලෝකයේ පැවති යුද්ධ ගැන කතා කරනකොට ඒ සඳහා මාධ්‍යයේ බලපෑම් කුමන ආකාරයෙන්ද ලැබුණේ කියන එක ගැන සඳහා නිදසුන් තිබෙනවා .
1898 ඇමෙරිකානු ස්පාඤ්ඤ යුද්ධය ඇවිලෙන්න ආසන්න වෙලා තිබුනේ. ඒ වෙලාවේ ඇමෙරිකාවේ නිවුයෝක් පුවත්පතේ නියෝජිතයා හැටියට හෙඩ්රික් හෙමින්ටන් කියන ජනමාධ්‍යවේදියා කියුබාවට ඇරියා යුද්ධය වාර්තා කරන්න.
නමුත් එහි යුද්ධයක් පෙන්න තිබුනේ නෑ ඊට පස්සේ අයිකරුවා වූ විලියම් රැන්ඩොස්ට විදුලි පණිවිඩයක් යවනවා මෙහෙ යුද්ධයක් නැත. මාව ආපසු කැඳවන්න කියලා .නමුත් ඒ වෙලාවේ රන්ඩෝ කියන අයිතිකරුවා හෙම්න්ටන් ට කිවුවේ කලබල නොවී ඉන්න ඔයා මට ඡායරූප එවන්න මම යුද්ධය සපයන්නම් කියලා.
තවත් එකක් තියෙනවා වියට්නාම යුද්ධයේදී නික් හට් කියන ඡායාරුප ශිල්පියා ගත් ලෝක ප්‍රසිද්ධ ඡායාරුපයක් තියෙනවා ගැහැණු ළමයෙකු නිර්වස්ත්‍රව දුවගෙන එනවා .
මෙම ඡායාරුපය ඇමරිකාව පුරාම ප්‍රසිද්ධ වුණා. එතකොට තමයි ඇමෙරිකානු මිනිස්සු දැනගත්තේ මේ යුද්ධය මොන තරම් කෘර ද කියලා .මේයුද්ධය නවත්වන්න කියල මිනිස්සු පාරට බැස්සා . ඒක පස්සේ යුද්ධය නවත්වන්න මුල්වූ ඡායරූපය වුණා.
ඒ නිසා මේ තුලින් පෙනීයන්නේ ජනමාධ්‍ය වේදියාගේ පෑනට ,කැමරාවට විශාල බලයක් තියෙනවා. ඒ ගැන සැකයක් නෑ .
අපි මොන විදියට පෑන හැසිරුවත් අපි සාමාන්‍ය මිනිස්සු.අපි අවුරුදු ගණනාවක ඉදල යුද ගැටුම් දැකලා තියෙනවා .ඒ නිසා අප ලඟ අගතීන් තියෙන්න පුළුවන්. අගතීන් කියන්නේ මා තුළ ගැඹුරේම තියෙන විනාශ කාරී සිතුවිල්ලක් .මේවා තියෙනකොට එකිනෙකා අතර සැකයන් පවතිනවා .
.සෑම මිනිසෙකුගේම හදවත තුළ වෘකයන් දෙදෙනෙක් ඉන්නවා. එක් අයෙක් බොහොම කෘරයි .හැම වෙලාවකම ඉන්නේ බයෙන් හා සැකෙන් පොඩ්ඩට ඇත්නම් සපා කනවා .අනෙක් වෘකයා හරිම ආදරෙයි ,හරිම ලෙන්ගතුයි. හරිම විවෘතයි හැමෝම විශ්වාස කරනවා. හැම කෙනාගෙම පපුව තුළ මේ දෙන්නා සටන් කරනවා .හැබැයි මේ සටනින් දිනන්නේ තමන් පෝෂණය කරන වෘකයායි.
මේ කාලය තුල නපුරු වෘකයා ට තියෙන තැන අඩුයි අපේ වැඩේ අරමුණ වෙන්න ඕන මේ නපුරු වෘකයා හොඳ අතට හරවන එක .
මාධ්‍යවේදියෙකුට හමුවන සිද්ධියක් තුළ තියෙන්නේ දත්ත . මේවා එකතු කරනවා සන්ධර්භයකට ගෙන එනවා.
අපේ රටේ තියෙන්නේ වාර්ගික වසයෙන් නොසන්සුන් ලේ හැලුණු සන්කෘතියක් තිබූ පසුබිමක් .
මේ ප්‍රචණ්ඩත්වයට භාජනය වු මිනිස්සු ඉන්න නිසා ඒ මිනිසුන් එක්ක කටයුතු කරන එක අභියෝගාත්මක එකක්. නමුත් මෙහිදී මාධ්‍යවේදියාගේ හැසිරීම ඉතා විශිෂ්ට එකක් විය යුතුයි.
සහජීවනය සහ ආර්ථිකය
එමෙන්ම මිනිසුන්ගේ සහජීවනය ඇති කිරීම සඳහා ආර්ථිකයද බලපාන එකෙක් වෙනවා.මේ රටේ සියලු මිනිස්සු රටේ ආර්ථිකයට දායක වෙනවා.සිංහල ,දෙමළ ,මුස්ලිම් හැමෝම වෙනත් ආගමිකයන් යන සියලු දෙනාම ඒ සඳහා දායක වෙනවා .
මොනම හේතුවක් නිසා රටේ ගැටුම් ඇතිවෙනවානම් රටේ රාජ්‍ය එහෙම නැත්නම් ආණ්ඩුව නිද්‍රශීලි නොවී ක්‍රියාකාරීව ඒවා විසඳගෙන ඉදිරියට යා යුතු බව ඉන්දියාවේ සිටි පඬිවරෙයෙකු වූ චානක්‍ය ද පවසා තිබෙනවා.
යම් අයෙක් තමන්ගේ ආගම උත්කර්ෂයට නැංවීම සදහා තවත් ආගමකට ගරහන්නේනම් තමන්ගේ ආගමටද විශාල අලාභයක් සිදු කරන බව කිස්තුපූර්ව 228 දී අශෝක ආධිරාජ්‍යා තම ගිරිලිපි වල සඳහන් කර තිබෙනවා.
පසුගිය කාලය තුළ ශ්‍රිලංකාවේ ජනවර්ගයන් තුළ සමගිය කැඩී ගොස් තිබුණා. එම නිසා මේ තත්ත්වයෙන් ජනතාව මුදවාගෙන ඒ සඳහා තුඩු දුන් ජනතාව සුවපත් කිරීම සඳහා සමාජ සංවේදී ජනමාධ්‍ය කරුවන් අවශ්‍යයි ."
(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)