Sunday, September 22, 2024

General line - 0115112241

හම්බන්තොටදී වෙඩි කෑ සඳුන් වරෙන්තුකරුවෙක්!




හම්බන්තොට පොලිස් වසමේ අධිකරණ හන්දිය අසලදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද (08) අලූයම සිදු වූ මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ අංක 76 මයුරපුර හම්බන්තොට පදිංචි කළුබෝවිලගේ සඳුන් චාමර (23), කරාපිටිය රෝහලට ඇතුළත්කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ වී ඇත්තෙ.

එහෙත් මෙම ලිපිනයේ  මෙවැනි පුද්ගලයෙක් මිට පෙර හා සිද්ධිය වූ දිනද නොසිටි බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසනවා. මොහු අම්බලන්තොට සහ හම්බන්තොට පොලිසිවලට අවශ්‍ය වරෙන්තු කරුවෙක්ද වනවා. ඒ පිහියා පිහියා ඇණුම් සිද්ධි දෙකක් සම්බන්ධයෙනි

වෙඩි වැදුනු පුද්ගලයාගේ මව අම්බලන්තොට සිංහ ගම්මානයේ පදිංචි වී සිටින අතර පුතා එහිද නොසිටින බවත්, යහළුවන්ගේ නිවෙස් වල සිටින බවත් ඇය පැවසූ බව පොලිසිය පවසනවා.

 

සනත් ගමගේ - හම්බන්තොට