Sunday, September 22, 2024

General line - 0115112241

ඉරණවිල ගිනි ඇවිලෙයි! වන නිලධාරියෙක් පැය තුනක් යතුරුපැදිය උඩ




හලාවත ඉරණවිල සිදුවන මහා පරිමාණ පරිසර විනාශයට විරෝධය පල කරමින් ගම්වැසියන් අද (08) දහවල් වීදි බැස විරෝධය පල කළා. මෙහිදී ගම්වැසියන් ඉරණවිල මාර්ග කීපයක් අවහිර කළ අතර ඇතැම් මාර්ග වල ටයර් පුළුස්සා දැමුණා.

ජලය දුබුරු පැහැයක් ගෙන ඇති අතර එයට ලුණුද මිශ්‍රව තිබෙන බවයි ගම්වැසියන් පෙන්වා දුන්නේ.

මහා පරිමාණ ඉස්සන් පොකුණු ඉදි කිරීම සඳහා   කඩොලාන කපා දැමීම, ජලය බැස යන  ඇල මාර්ග කීපයක් වස දැමීම සහ ලුණුඔය  ගොඩා කිරීම මෙයට හේතුව බවයි ගම්වාසීන් පවසන්නේ.

එම ස්ථානයට ආ වන සංරක්ෂණ නිලධාරියෙකු පැය තුනක් ජනතාව විසින් රඳවාගෙන සිට තිබෙනවා.

පැය හතරක කාලයක් විරෝධතාවය පැවතී අතර  පසුව පොලිසිය හා වන සංරක්ෂණ නිලධාරීන් පැමිණ මේ පිලිබදව සධාරණය ක් සිදු කරන බවට පොරොන්දු වීමෙන් පසු  විරෝධතා කරුවන් විසිර ගියා.