Sunday, September 22, 2024

General line - 0115112241

කුණු නීති දැඩි කරනවා




කොළඹ නගරය තුළ කසල අවිධිමත්ව බැහැර කරන්නන්ට එරෙහිව ඉදිරියේ දී නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ මහ නගර සභාවේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 
 

"කසළ කන්ද නාය යාමත් සමග කොළඹ කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුනා.  ඩෙංගු රෝගය පැතිරීමට එය හේතුවක් වුණා. පිරිසිදු යහපත් නගරයක් ලෙස තිබූ නමට පවා හානියක් වුණා මේ හේතුවෙන්. "

මේ ප්‍රශ්නය විසඳමට හැකිවන අයුරින් කටයුතු කරන්නැයි තමා සියළුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසුවා. මීතොටමුල්ල කසල කන්දේ යළි නායයාමක් ඇති නොවන පරිදි පුණුරුත්තාපනය කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. තව මාස තුනකින් එම ප්‍රදේශයේ නාගරික උද්‍යානයක් ඉදිකරනව.

කසලවලින් බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේ දී ආරම්භ කරන බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියා. කසල විධිමත්ව බැහැර කිරීමට පුත්තලම අරුවක්කාරු ප‍්‍රදේශයේ කසල අංගනයක් ද ඉදිකරන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර කොළඹ මහ නගර සභාව ශ‍්‍රී ලංකාවේ දූෂිතම ආයතනවලින් එකක් බව මෙම මාධ්‍ය හමුවට එක්වූ පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසුවා. කසලවලින් ධනය උපයන අයද සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.