Sunday, September 22, 2024

General line - 0115112241

හෙට ජල කප්පාදුවක්




අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෝට්ටේ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට (09) පැය 12ක් කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පස්වරු 02.00 සිට අනිද්දා අලූයම 02.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇති. 

මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ කොස්වත්ත ප‍්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනවා. ඊට අමතරව  රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප‍්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ග, ඇතුළු කෝට්ටේ, රාජගිරිය ලේක් ඩ‍්‍රයිව් සහ ලේක් ගාර්ඞ්න් ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ.