Sunday, September 22, 2024

General line - 0115112241

අගමැති සහ මුස්ලිම් ඇමතිවරු නව ව්‍යවස්ථාවේ බුදු දහම ගැන කතා කරයි




බුදු සසුන ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් සෑම විටම පෙනී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. සකස් කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද තමන් ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම අදහස් පල කළේ අනුරාධපුර පූජා භූමියේ අද පැවති උත්සවයකදීයි. 

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් බුදු දහමට ඇති ප‍්‍රමුඛත්වය අහෝසි නොකරන බව අමාත්‍ය රාවුෆ් හකීම් ද පවසනවා. කෙසේ වෙතත් සෙසු ආගමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අනු ව්‍යවස්ථාවක් ඇතුළත් කිරීමට පමණක් මේ වනවිට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර බහුතර කැමැත්තට පටහැනිව ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම කිසිවිටෙකත් සිදු නොකරන බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. 

අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රාවුෆ් හකීම් මෙම අදහස් පල කළේ හෙම්මාතගම ප‍්‍රදේශයේ අද පැවති උත්සවයකදීයි.