Sunday, September 22, 2024

General line - 0115112241

"කොළඹ නගරයට උමං පද්ධතියක් - උමා ඔය උමග වගේ නෙමෙයි ලු"




කොළඹ නගරයේ උමං පද්ධතියක් නිර්මාණය කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ නගරයේ හා අවට ප‍්‍රදේශවල කාණු පද්ධතිය විධිමත් කිරීම සඳහා ඉදිරියේ දී ව්‍යාපෘති කිහිපයක් ද ආරම්භ කරන බවයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසන්නේ. 

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ "කොඹළ නගරය තුළ දැනටමත් ලෝක බැංකු ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ජලය බැස යෑම පිළිබඳව තමයි මෙහි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒ වගේම කොළඹ නගරය තුළ උමං පද්ධතියක් නිර්මාණය කරනවා...ඒක උමා ඔය උමග වගේ එකක් නෙමෙයි.. මේක මයික්‍රෝ ටනලින් සිස්ටම් එකක්. අපි බලාපොරොත්තු වෙනවා 2020 වර්ෂය වෙන විට කොළඹ නගරයේ ගංවතුර සහ අනෙකුත් ජලය බැස යෑමේ පද්ධතිය විධිමත් කරන්න. ඊට සමාන්තරව වේරැස් ගඟ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න සැළසුම් කර තිබෙනවා..ඒකට රත්මලාන ප්‍රදේශය යා කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම කළු ඔය ව්‍යාපෘතියත් ආරම්භ කරන්න කටයුතු කරනවා." යනුවෙනි.