Sunday, September 22, 2024

General line - 0115112241

දුම්වැටිවලට තවත් තහනමක් අද හෙටම ගැසට් කෙරේ




බෝ නොවන රෝග මෙරට ජනතාවට විශාල තර්ජනයක් එල්ල කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, පිළිකා සහ ඇඳුම බෝ නොවන රෝග ගනයට ඇතුලත් වෙනවා.

දැනට රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 71 ක් මිය යන්නේ බෝ නොවන රෝගවලින්.

ඒ අනුව දුම්කොළ භාවිතය පාලනය කිරිම ද ඉතා වැදගත් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දුම්බීම අවම කිරිම සඳහා ක්‍රියාමාර්ග රැසක් තමා මේ වන විට ආරම්භ කර ඇති අතර එම ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්බීම සියයට 46 කින් අඩු වී ඇති බවද පෙන්වා දුන්නා.

එම ක්‍රියාමාර්ග ගත්තේ විවිධ තර්ජන මත බවද තමාට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි දුම්කොළ බදුවලින් රජයට ලැබෙන ආදායම සැළකිය යුතු ලෙස අඩු වී ඇති බවද සඳහන් කළා.

ශ්‍රී ලංකා රේගුවෙන් ලැබෙන බදු ආදායම ද අඩු වී තිබෙන බවයි මෙහිදී පැවසුවේ. ඊට හේතුව වන්නේ දුම්කොළ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒම අඩුවීමයි.

එය රජය ලැබූ ජයග්‍රහණයක් බවත්  පාසල් අවට මීටර් 500 ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා.

එමගින් දරුවන්ගේ ආරක්ෂාව යම්තාක් දුරට තහවුරු වෙන බවද පෙන්වා දුන්නා.