උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීට ජනාධිපතිවරයා විසින් පත් කළ අමාත්‍ය අනුකමිටුව සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ ව්‍යාපෘතිය පිළිබඳ තම පාර්ශවයේ ස්ථාවරය සහ නිරීක්ෂණයන් පිළිබඳව අමාත්‍ය අනුකමිටුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් මන්ත්‍රී කණ්ඩායමක් පත් කර තිබෙනවා.
එහි සභාපතීත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂයි. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.
තම මන්ත්‍රී කණ්ඩායම ඉදිරි සතිය තුළදීම උමා ඔය ව්‍යාපාතිය පිළිබඳ නිරීක්ෂණ ආරම්භ කරන බවද චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.