Friday, January 10, 2025

General line - 0115112241

වම් මංතීරු නීතිය අදාළ නැති අවස්ථාවක් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්




දුර ගමන් සේවා බස් රථ සඳහා මන්තීරු නීතිය අදාළ නොවන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ දුර ගමන් සේවා බස් රථ සෑම නැවතුම්පොළකම නතර නොකරන බැවින් ඔවුන්ට එම නීතිය අදාළ නොවන බවයි. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ විටින් විට නවත්වා ගමන් කරන බස් රථ සහ බර වාහන දකුණු මංතීරුව භාවිතා කිරීමෙන් මාර්ගයේ අනෙක් වාහනවලට බාධා ඇතිවන බවයි. එහෙත් සීමිත නැවතුම්වල නවත්වා ගමන් කරන බස් රථවලට දකුණු මංතීරුව භාවිතා කළ හැකි බවයි පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් කොළඹ නගර සීමාව ඇතුළු ප‍්‍රධාන මාර්ග රැසක මේ වන විට මන්තීරු නීතිය ක‍්‍රියාත්මකයි.