මඩකලපුව ශික්ෂණ රෝහලේ දී ගොළු දරුවෙකුට කතා කල හැකි වන පරිදි සිදු කළ ශල්‍යකර්මය සාර්ථක වී තිබෙනවා.
එම රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ ඒරාවූර්හි පදිංචි දරුවෙකු සඳහා මෙම ශල්‍යකර්මය සිදු කළ බවයි.
මඩකලපුව ශික්ෂණ රෝහලේ කණ නාසය හා උගුර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්. ජීවදාස්ගේ ප්‍රධානත්වයෙන් කොළම සිට පැමිණි විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම ශල්‍යකර්මය සිදු කර තිබුණා.
උපතේ සිට කතා කල නොහැකි මෙම දරුවාට කතා කරවීම සඳහා මෙම ශල්‍යකර්මය පැය හයහමාරක කාලයක් සිදු වුණා.