Sunday, September 22, 2024

General line - 0115112241

එළගව මස් ලෙස මීගව මස් මිනිසුන්ට දෙන්න හැදූ හම්බන්තොට ගව ඝාතකාගාරය වටලයි (PHOTOS)




හම්බන්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට මරේ පාරේ මුහුදු වෙරළ ආසන්නයේ ඇති ගව ඝාතකාගාරය වටලා නීති විරෝධිව ඝාතනය කරන ලද මී ගවයින් තිදෙනෙකුගේ මස් සමග එහි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග මී ගව ඝාතනයට යොදාගත් ආයුධ හා උපකරණ සහ ඝාතනයට ලක්වූ මී ගවයින්ගේ ශරීර කොටස් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මස් පිණිස මී ගවයින් මැරීමට නොහැකි සත්වයෙකු උවත් යම් නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම මස් ජාවාරම කරගෙන යන බවට තොරතුරු වාර්තා වෙනවා. 

කෙසේ නමුත් ගවයෙකු ඝාතනය කිරීමට මත්තෙන් සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ අනුමැතිය හා අධීක්ෂණය තිබිය යුතු වුවත් මෙහිදී අදාළ මස් කඩය මගින් එම නීතීන්ද උල්ලංගනය කර තිබෙන බව පොලිසිය පවසනවා.

මීට පෙරද අවස්ථා කීපයකදීම මෙම ගව ඝාතකාගාරය තුල නීති විරෝධී අන්දමින් ගවයින් ඝාතනය කර අති නමුත් බලධාරීන් ඒ සම්බන්ධයෙන්  නිසි පියවර නොගැනීම නිසා අදාළ මස්කඩ හිමියා විසින් තමන්හට රිසිසේ මෙහි කටයුතු කරගෙන යන බවයි පොලිසිය පවසන්නේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට