Sunday, September 22, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට නොමිලේ උපකාරක පන්ති




මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටින නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසුන්ට උපකාරක පන්ති නොමිලේ පවත්වන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් පවසනවා. 

ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් මෙලෙස ඉගැන්වෙනු ඇති. 

නුවරඑළිය දිස්ත්‍රික්යේ පාසල් 29කට අයත් සිසුන් හයදහසක ප්‍රමාණයක් ඊට ඇතුළත්. 

දිස්ත්‍රික්කයේ දමිළ පාසල්වල පවතින පුහුණු ගුරුවරුන්ගේ හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. 

ලබන 15 වනදා සිට මෙලෙස උපකාරක පන්ති ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ. 

ඒ සඳහා රුපියල් මිලියන දෙකක මූල්‍ය අනුග්‍රහයක් දැක්වීමට ව්‍යාපාරිකයෙකු ඉදිරිපත් වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.