Sunday, September 22, 2024

General line - 0115112241

හොනට් යතුරුපැදියත් සමග මීටර් 20ක් පමණ විසිවී 'සෙල්ලක්කාර තරුණයාගේ' දිවි අහිමිවූ හැටි (PHOTOS)




අධික වේගය හේතුවෙන් අලව්ව මාර්ගයෙන් ඉවතට විසි වී යාමෙන් යතුරුපැදිකරුවෙකු  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

වයස අවුරුදු 18ක්වූ චමිල් කවිශ්ක නැමැති පන්නල කඹුරුගොඩ ප්‍රදේශයේ තරුණයෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. 

අලව්ව මාර්ගයේ අධික වේගයෙන් පැමිණ ඇති මෙම යතුරුපැදිකරුවා තම වේගය පාලනය කරගත නොහැකිව වංගුවක ගොස් අසල තිබූ ගසක වැදී විසිවී ගොස්  තිබෙනවා. 

අනතුරට ලක්ව වූ තරුණයා කුලියාපිටිය මූලික රෝහලටත් ඉන්පසු කොළඹ ජාතික රෝහලටත් මාරුකර යවා තිබුනද එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානයේ සිට යතුරුපැදිය මීටර් 20ක් පමණ විසිවී ගොස් තිබූ බවයි වාර්තාකරු පැවසුවේ. 

මීට ඉහත දිනයක දී පන්නල පොලිසිය මගින් රථවාහන පරීක්ෂාවට නැවැත්වීමේදී මෙම තරුණයා  නොනවත්වා ධාවනය කළ බවද පොලිසිය සඳහන් කළා.  


චමිල් කවිශ්ක  හොනට් වර්ගයේ යතුරුපැදියකින් නිතර මාර්ගය අවහිරකරමින් විවිධ ක්‍රියාකාරකම් පාන අයෙකු බවට ප්‍රසිද්ධියක් උසුලන බවයි පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ.