Sunday, September 22, 2024

General line - 0115112241

දෙමළ ජාතික සන්ධානය ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් හමුවීමට සූදානම්




දෙමළ ජාතික සන්ධානය ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් හමුවීමට තීරණය කර තිබෙනවා. 

නොබෝ දිනකින් එම හමුව සිදු වනු ඇති බවයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම හා දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇති. 

ඊට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්ද එක් වීමට නියමිතයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අවශ්‍ය නැති බවට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඉකුත්දා කළ ප්‍රකාහය සම්බන්ධයෙන් මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු කරන බවයි දෙමළ සන්ධානය පැවසුවේ. 

දෙමළ ජනතාවගේ අභිලාශය වන්නේ සියලූ ජනතාවට පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම බවයි ඔවුන් පවසන්නේ. 

ඒ අනුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් කර ඇති ප්‍රකාශය පිළිබඳ කාරුණිකව නැවත සළකා බලන ලෙස මෙහිදී ඉල්ලා  සිටීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. 

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පැවසුවේ යහපාලන ආණ්ඩුවට දෙමළ ජනතාව සහයෝගය ලබා දුන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනිමට බවයි.