Sunday, September 22, 2024

General line - 0115112241

ජනපති, කතරගම පුදබිමට පැමිණෙයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඓතිහාසික කතරගම පුදබිමේ අද (09) සංචාරයක නිරත වුණා. 

පළමුව ඓතිහාසික කිරිවෙහෙර වැඳපුදා ගත් ජනාධිපතිවරයා පසුව කතරගම පුදබිමේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කළා. 

ඒ, පෙරහැර සමයේ කතරගම පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට දානය පිළිගැන්වීම සඳහා ඉදිකර තිබූ වසර 100ක් පැරණි ශාලාව වෙනුවටයි. 

නව දෙමහල් දාන ශාලාව තුළ එකවර දහසකට පමණ දානය පිළිගැන්විය හැකියි. 

නව ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 18ක්.