Sunday, September 22, 2024

General line - 0115112241

මීටර් 200 කාන්තා රිදී පදක්කම ශ්‍රී ලංකාවට 




ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ  මීටර් 200 කාන්තා කෙටි දුර ධාවන තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක අද (9)සමත්වුණා.

ඒ අනුව මෙවර ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව මේවනවිට දිනා ඇති පදක්කම් ගණන 2ක්.



 

මේ අතර මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේදී දෙවන ස්ථානය දිනාගත් ඉඳුනිල් හේරත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (8)සමත් වුණා. 

ඒ, විනාඩි එකයි තත්පර පනස් එකයි දශම හතයි බිංදුවක දක්ෂතාවක් වාර්තා කරමින්. 

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික තරගයකට එක්වූ නිමාලි ලියනාරච්චි ද එහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනාගේම අවසන්  තරග අද (9) පැවැත්වෙනවා.