Friday, May 3, 2024

General line - 0115112241

ලංකාව රනින් සැරසේ - වැරදි කළ ඉන්දියානු ක්‍රීඩිකාවගේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ නිමාලිට (UPDATE)




ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 800 කාන්තා   ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් නිමාලි ලියනාරච්චිට රන් පදක්කම ලබා දීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ,රන් පදක්කම දිනා ගත් ඉන්දියාවේ අර්චනා තරග නීති උල්ලංඝණය කරමින් ඇයට බාධා කිරීම නිසායි.

එහි ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට ඒ අනුව රිදී පදක්කම හිමි වුණා.

............................................................

ලංකාවට තවත් ආසියානු පදක්කම් දෙකක් හිමිවේ (PHOTO)

09-07-2017 18:33

ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 800 කාන්තා   ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට නිමාලි ලියනාරච්චි මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේ ද ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නයි 

එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ අර්චනාට හිමි වුණා.

පසුගිය 2015 තරගාවලියේදී නිමාලි ලියනාරච්චි හිමි කර ගත්තේ ලෝකඩ පදක්කමයි.

මේවන විට ශ්‍රී ලංකාව  පදක්කම් 4ක් මෙවර ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලිය තුළ දිනාගෙන තිබෙනවා.