Sunday, September 22, 2024

General line - 0115112241

පේදුරුතුඩුව නොසන්සුන් -පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට 




අනවසරෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

අද (09) පස්වරු කාලයේ  අනවසරෙන් වැලි ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ප්‍රදේශවාසීන් පේදුරුතුඩුව පොලිසිය ඉදිරියේ  නොසන්සුන්කාරීව හැසිරී ඇති නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.