Sunday, September 22, 2024

General line - 0115112241

දළදා තේවාව  අස්ගිරියෙන් මල්වත්තට පැවරේ 




අස්ගිරි පාර්ශ්වය මගින්  ශ්‍රී දළදා දළදා වහන්සේ උදෙසා සිදු කළ  තේවා කටයුතු     ඉදිරි වර්ෂය සඳහා මල්වතු පාර්ශ්වය වෙත පැවරීම  චාරිත්‍රානුකූලව අද   (09) සිදු කෙරුණා.

ඒ,ශ්‍රී දළදා මාලිගාවේදී.
 
වසරක් පාසා මල්වතු සහ අස්ගිරි යන  මහ විහාර අතර තේවා මාරුව චාරිත්‍රානුකූලව සිදුකරනු ලබන්නේ  ඇසළ  පොහෝ දිනට පසු දිනයි.
 
තේවා කටයුතු සඳහා නායක හිමිනමක් සමගින්  හිමිවරුන් සිව් දෙනකු මල්වතු මහනාහිමියන් විසින් පත්කරන  අතර දළදා මාලිගාවේ වැඩවාසය කරමින් උන්වහන්සේලා වසරක කාලයක්  තේවා කටයුතු සිදුකිරීමට නියමිතයි.