Sunday, September 22, 2024

General line - 0115112241

පේදුරුතුඩුවට කොළඹින් විශේෂ කණ්ඩායමක් යවයි




පොලිස් වෙඩි පහරින් පේදුරුතුඩුව ප‍්‍රදේශයේ දී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා කොළඹින් විශේෂ කණ්ඩායමක් එම ප‍්‍රදේශයට පිටත්ව යන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

ඒ, පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහායි.

ඒ අනුව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ සිද්ධිය වූ ප‍්‍රදේශයට පිටත්ව යාමටයි නියමිතව ඇත්තේ. 

ඊයේ (09) පස්වරුවේ පේදුරුතුඩුව පොලිස් වසමේ දී නොනවත්වා ධාවනය වූ වැලි ලොරියකට පොලිසිය වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඉන් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. සිද්ධියෙන් පසු ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් පේදුරුතුඩුව පොලිස් ස්ථානයට විරෝධය පළ කරමින් ඒ අසළ විරෝධතාවයේ ද නිරත වී තිබුණා.

පසුව තත්වය පාලනය කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.