Saturday, January 11, 2025

General line - 0115112241

බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්




බස්නාහිර පළාතේ අතහැර දැමු ඉඩම්වලින් අද (10) සිට ඉඩමේ වටිනාකමින් 2% ක බද්ධක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

මේ දිනවල පවතින ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. 

බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය මේ සම්බන්ධ පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබා දී තිබෙනවා.

හිමිකරුවන් විසින් නිතර නොබලන ඉඩම්වලට ප්‍රදේශවාසීන් කැලි කසළ බැහැර කරන බවත් ඒ හරහා ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීමට ලොකු බාධාවක් ඇති වී තිබෙන බවත් මහඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්න හිමිකරුවන් විසින් මෙවැනි අතහැර දමා ඇති ඉඩම්  සුද්ද පවිත්‍ර නොකිරීම මගින් මෙම තත්ත්වය උග්‍ර වන බවද සඳහන් කළා.