Sunday, September 22, 2024

General line - 0115112241

විදුලිබලේ මනු කියවන්නන් කෝ




ලංකා විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නන්ගේ හිඟය හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව සිටින බව ප‍්‍රදේශ කිහිපයක ජනතාව නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

ඔවුන් කියා සිටියේ මාසික විදුලිබිල ලැබීමට ඇතැම් අවස්ථාවල දී මාස දෙකක පමණ කාලයක් ගතවන බවයි.

මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට දෛනික වියදම් කලමණාකරනය කර ගැනීමට ද අපහසු වී ඇති බවයි පෙන්වා දෙන්නේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මනු කියවන්නන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මේ වනවිටත් බඳවා ගැනීම් සිදු කර ඇති බවයි. 

කඩිනමින් අදාළ ගැටළුව විසඳීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.