Sunday, September 22, 2024

General line - 0115112241

කළුතරට පැය 16ක ජල කප්පාදුවක්




කළුතර ප්‍රදේශයට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. 

ඒ, ලංකා විදුලි බල  මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා විදුලිය සැපයීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්. 

ලබන බදාදා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ජල කප්පාදුව සිදු කෙරෙනවා. 

ඒ අනුව වාද්දුව. වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර, කටුකුරුන්ද සහ නාගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම මෙලෙස අත්හිටුවනු ඇති. 

එමෙන්ම බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, දර්ගා නගරය, අළුත්ගම සහ පිලමිනාවත්ත යන ප්‍රදේශවල ද ජල සැපයුම විසන්ධි කරන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.