Sunday, September 22, 2024

General line - 0115112241

දැරියන් තිදෙනෙකු අපයෝජනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් ඩී එන් ඒ පරීක්ෂණ




බාල වයස්කාර දැරියන් තිදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් ඩි එන් ඒ පරීක්ෂණයක් සිදු කිරීමට මුතූර් මහේස්ත්‍රාත්වරයා අද (10) නියෝග කළා. 

ඒ, ළමා ආරක්ෂණ අධිකාරිය කළ ඉල්ලීමකට අනුවයි. 

ඉකුත් මැයි මාසයේදි මෙම අපයෝජනය සිදුව තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව සැප්තැම්බර් 11 වනදා යලි කැඳවීමට නියමිතයි.