Saturday, January 11, 2025

General line - 0115112241

නීති කඩා හොර නීති හදාගෙන හිතවතුන්ට තනතුරු දුන් උතුරු මැද ලොක්කන් උසාවි ගෙන්වයි




උතුරු මැද පලාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට තම හිතවතුන් පත් කර ගැනීමේ අරමුණින් එම තනතුරට සුදුස්සන් තෝරා ගැනීමේ නිත්‍යානුකූල සියලූ ක‍්‍රමවේදයන් බැහැර කර  වංචනික ලෙස බඳවා ගැනීෙමි නව ව්‍යවස්ථාවක්  සකස් කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින උතුරු මැද පලාත් ආණ්ඩුකාරවරයා, පලාත් ප‍්‍රධාන ලේකම්වරයා, පලාත් ආණ්ඩුකාර ලේකම්වරයා, පලාත් ආදායම් කොමසාරිස්වරිය ඇතුලූ වගඋත්තරකාර නිලධාරීන් දහතුන් දෙනෙකුට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ  විනිසුරු ආදිත්‍ය පටබැදිගේ  (10) නියෝ්ග කළා.

උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් වන එම්.එස්.චන්ද්‍රසේකර ,එම්.එම්.පී කුමාර ඒ. ජී. ඒ. ඞී. කේ. නවරත්න, බී. ජී. සී. පුෂ්ප කුමාරි, ආර්. ඒ. ආර්. ඉෂාන්ති, බී. එල්. එන්. උදය කුමාර, අයි. එච්. නිරෝධා, යූ.ඒ.සී.අතුල කුමාර සහ බී. එස්. නිමල් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයට  ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මෙසේ නියෝග කළා.

උතුරු මැද පලාත් ආන්ඩුකාර පී. බී. දිසානායක, පළාත් ප‍්‍රධාන ලේකම් එචි. එමි. පී. බංඩාර, පලාත් ආණ්කාඩුර ලේකම් ආනන්ද කුලරත්න, පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාෙවි ලේකම් එච්. එම්. තිලක බංඩාර, එහි සභාපති එස්. ජී. එම්. සී. කේ. සෙනවිරත්න, උතුරු මැද පලාත් ආදයමි කොමසාරිස් ආර්. එස්. සමරනායක, ජ්‍යෙෂ්ඨ බදු නිළධාරීන් වන එන්.එම්.නලීන් ගුණරත්න සහ එම්.පී.ප‍්‍රියන්ති කේතකී විජයලතා සහ ඩබ්. බී. ලලිත් කුමාර ඇතුලූ දහතුන් දෙනෙකු මෙම නඩුවේ වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිනවා.

පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින්  නීතිඥ අනුරුද්ධ විජේරත්න පැවසුවේ උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ  තක්සේරුකරු තනතුරට සුදුසු නිලධාරීන් බඳවා ගැනීම  සඳහා  පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ කාර්ය පටිපාටියක්ද ආයතන සංග‍්‍රහයේ නිතිමය ක‍්‍රමවේදයක්ද පවතින බවයි. 
එහෙත් එම සියලූ ක‍්‍රමවේදයන් බැහැර කරමින් මෙම නඩුවේ හය වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින උතුරු මැද පලාත් ආදයම් කොමසාරිස් ආර්. එස්. සමරනායක මැදිහත්වීමෙන් සෙසු වගඋත්තතරකාර  නිලධාරීන් ඔවුනට හිතවත් සුදුසුකම්  නොමැති නිලධාරින් එකී තනතුරට පත් කර ගැනීම සඳහා  එම හිතවත් නිලධාරින්ගේ සුදුසුකම්වලට ගැලපෙන අයුරින් බඳවා ගැනීමේ නව නීති විරෝධී වංචනික ව්‍යවස්ථාවක් සකස් කර ඇති බවද ඔහු සැලකර සිටියා.

වගඋත්තකරුවන් විසින් ගෙන ඇති මෙම නීති විරෝධි තීරණය බල රහිත  කිරීමේ  ආඥාවක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා. නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා දීර්ඝව කළ කරුනු දැක්වීම් සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා පෙත්සමේ සියලූ වග උත්තරකරුවන්ට මෙ මස 28 වන දින උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරනු ලැබුවා.