Monday, April 29, 2024

General line - 0115112241

සටන නිමයි..වාර්තා රැසයි - සිම්බාබ්වේ ශ්‍රී ලංකා සටනේ වාර්තා මෙන්න 




ශ්‍රී ලංකා කණ්ඩායම පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායම අද (10) හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටියේදී  ජයග්‍රහණය ලැබූ ලැබූ එක්දින තරගාවලියේ දී වාර්තා කිහිපයක් පිහිටුවා  තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම වසර 8කට පසුව විදෙස් රටකදී ලැබූ තරගාවලි ජයග්‍රහණය වන්නේ ද මෙයයි.

ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව බවට ද මෙය  පත්වනවා.

ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300ක සිමාව පසුකර ගිය අවස්ථාවකදී එය හඹා ගොස් ජයගත් පළමු කණ්ඩායම වන්නේද සිම්බාබ්වේ කණ්ඩායමයි.

වනිඳු හසරංග මෙන්ම නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ද මෙම තරගාවලියේ දී වාර්තා අතරට එක්වුණා.


මෙම තරගාවලියේ වාර්තා පහතින් දැක්වෙනවා.