වෙළඳපොළ තුළ දේශීය සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් සහල් ආනයනය කර ආණ්ඩුව පාඩු ලබමින් හෝ එම සහල් සහන මිලට ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ සාමාන්‍ය පවුලකින් පැමිණි තමන්ට ජනතාවගේ දුක සහ වේදනාව පිලිබඳ නිවැරදි අවබෝධයක් ඇති බවයි.
එම නිසා ජනතාව කුස ගින්නේ තැබීමට තමන් කිසිවිටෙකත් උත්සාහ නොකරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
පොළොන්නරුවේ අද පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රජයේ වැඩපිළිවෙල යටතේ රටේ සමාජ, ආර්ථීක සහ දේශපාලන යන සියලු ක්ෂේත්රවල පරිවර්තනීය වෙනසක් සිදු වෙමින් පවතින බවද, කුමන අභියෝග පැමිණියද එම වැඩපිළිවෙළ අධිෂ්ඨානශීලීව ඉදිරියට ගෙන යන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.