රථ වාහන තදබදය අවම කිරීම සඳහා හදුන්වා දුන් මංතීරු නීතිය කොළඹ සහ තදාසන්න මාර්ගවල නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව මීට පෙර අවස්ථා කිහිපයකදී අනාවරණ කළා.
එහිදි රථ වාහන රියදුරන් මෙන්ම මගීන් ද පැවසුවේ බොහෝ බස් රථ රියදුරන් මෙම නීතිය නිසි පරිදී ක්‍රියාත්මක නොකරන බවයි.
ඒ සඳහා පොලිසිය ද වගකිව යුුතු බවයි එහිදි ප්‍රකාශ කෙරුණේ.
කෙසේ වෙතත් නෙත් නිවුස් කළ මෙම අනාවරණයෙන් පසු කොළඹට ඇතුළු වන ඇතැම් මාර්ගවල අදාළ නීතිය මේ වන විට නිසි පරිදී ක්‍රියාත්මක වනවා.
මේ, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු පසන් නන්දුල වික්‍රමතිලක ගෙන එන වාර්තාව පහතින් ඇසිය හැකියි.