Saturday, January 11, 2025

General line - 0115112241

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ - දඹුලූ ලෙන් විහාර තාවකාලිකව වසා දැමේ (PHOTOS) - (UPDATE)




දඹුලූ ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම්දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබෙනවා. 

ඒ, ඊයේ (11) පස්වරුවේ රැස් වූ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයේ තීරණයකට අනුවයි.

දඹුලූ ලෙන්විහාර සංකීර්ණයේ ඇති ලෙන් පහ ප්‍රමුඛතාව අනුව එක් එක් ලෙන බැගින් ක්‍රමානුකූලව සංරක්ෂණය කිරීමට මෙහිදී තීරණය කෙරුණා. 

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වුණේ අමාතය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන්. 

පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය සහ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය කිරීම ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දියත් කර ඇති ව්‍යාපෘතීන් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. 

දඹුලූ ලෙන් විහාරය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් විසින් සකස් කළ වාර්ථාද මෙහිදී අවධානයට ලක්කර තිබෙනවා. 

ලෝක උරුමයක් වන රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇති බැවින් එය කඩිනමින් සංරක්ෂණය කිරීමටයි යෝජනා වුණේ. 

ඒ සදහා මූලික වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක් මෙහිදී සම්මත කර ගැණුනා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිතුසිතුවම් සංරක්ෂණ නිලධාරීන් දඹුල්ල විහාරයේ සිතුවම් සංරක්ෂණය කිිරිම සඳහා පූර්ණ වශයෙන් යොදවනු ඇති. 

බිතුසිතුවම් සංරක‍ෂණය සදහා ප්‍රවීණතාවක් උසුලන සංරක්ෂණ විශේෂඥයන්ගේ දායකත්වයද ඊට ලබාගැනීමට නියමිතයි. 

දඹුල්ල විහාරයේ සාපේක්ෂ ආද්‍රතාව මැන ගැනීම සඳහා ආද්‍රතාමාන සවි කිරීමටද යෝජනා වුණා. 

දඹුල්ල ලෙන් විහාරයේ දොරටුවලින් කුඹලුන් හා වෙනත් කෘමීන් ඇතුළුවීම වැළැක්වීම සඳහා දැල් හෝ වෙනත් ආවරණ සවි කිරීමටද පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

මීට අමතරව රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීමේ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදු කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. 

මේ සම්බන්ධයෙන් දඹුලූ විහාර පාර්ශවයේ ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කිරීමටද නියමිතයි.

------------------------------------------

(10-07-2017 20:59)

දඹුලූ ලෙන් විහාර සංකීර්ණය නැවත් දැනුම්දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබෙනවා.

ඒ, අද පස්වරුවේ රැස් වූ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයේ තීරණයකට අනුවයි. 

දඹුලූ ලෙන්විහාර සංකීර්ණනයේ ඇති ලෙන් 05න් ප්‍රමුඛතාවයන් අනුව එක් එක් ලෙන බැගින් ක්‍රමානුකූලව සංරක්ෂණය කිරීමට මෙහිදී තීරණය කෙරුණා. 

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වුණේ  අමාතය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන්.