මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ඉල්ලූම්පත් යොමුකළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර සඳහන් කළේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතද තැපැල් කර ඇති බවයි.
පාසල් වෙත ලැබුණු ප්රවේශපත්රයන් කිසිම හේතුවක් මත විදුහල්පතිවරුන් භාරයේ තබානොගත යුතු අතර ඒවා නොපමාව අදාළ අයදුම්කරුවන් වෙත බෙදාදිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
නියමිත දිනට ඉල්ලූම්පත් ඉදිරිපත් කර ප්‍රවේශපත්‍ර නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්වේ නම් ඔවුන් තමා ඉදිරිපත් කළ අයදුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවු කුවිතාන්සියේ පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත් සහතික කළ ලිපියක් සහ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලට යොමුකළ කුවිතාන්සිය විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත ඉදිරිපත් කර ප්‍රවේශපත්‍රය ලබාගත යුතුයි.
ප්‍රවේශපත්‍රයන්හි විෂය සංශෝධන, භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය පාසල් අයදුම්කරුවන් තම විදුහල්පතිවරයා මගින් ලබන 20 වන දිනට පෙර ඒ සඳහා ඉල්ලූම් කළ යුතුයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 8 වනදා ආරම්භ කෙරෙනවා.
එය සැප්තැම්බර් මස 2 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
ඊට අයදුම්කරුවන් තුන්ලක්ෂ පහලොස් දහස් දෙසිය විසිහත් දෙනෙකු පෙනී සිටිමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාග මධ්‍යස්ථාන දෙදහස් දෙසිය තිහකදී විභාගය පැවැත්වෙනු ඇති.