මිද්දෙණිය ගලගාවවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූ පුද්ගලයාගේ පුත්‍රයා වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට කඩුවකින් පහරදී ඇති බවයි විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.
ඉන් බරපතල තුවාල ලැබූ ඔහු වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.
මේ වනවිට ඔහු පොලිස් භාරයේ පසුවන අතර වෙඩි තැබීමට යොදාගත් ගල්කටස් වර්ගයේ ගිනිඅවියද සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.