Saturday, June 1, 2024

General line - 0115112241

රාජගිරියේ මංතීරු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට චෝදනා




රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් මංතීරු නීතිය රාජගිරිය සහ ඒ අවට මාර්ගවල නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට නෙත් නිවුස් වෙත වාර්ථා වුණා. 

වැඩිදුරටත් කළ සොයාබැලීමකදී හෙළිවුණේ බස්රථ සඳහා වෙන්කර ඇති මංතීරුවේ වෙනත් වාහනද ධාවනය කෙරෙන බවයි. 

මේ නිසා කාර්යබහුල වේලාවන්හිදී අදාළ මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. 

රථ වාහන තදබදය අවම කිරීම සඳහා මංතීරු නීතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුණේද රාජගිරිය ප්‍රදේශයෙන්. 

එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව නෙත් නිවුස් මීට පෙර අවස්ථා කිහිපයකදීද අනාවරණ කළා. 

කෙසේවෙතත් ගාලූ පාරෙන් කොළඹට ඇතුළුවන මාර්ගවල මේ වනවිට මංතීරු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වනවා.