අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස සේවයට ගොස් ආපසු දිවයිනට නොපැමිණි යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර පොලීසියට දැනුම් දී තිබෙනවා.
අදාළ බ්‍රිගේඩියර්වරයා සිය සේවා කාලය අවසන්වීමෙන් පසු යළි දිවයිනට නොපැමිණ අමෙරිකාවේ සැඟව සිටින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කළ ඔහු ජයන්ත රත්නායක නැමැත්තෙක්.
ඔහු ඉකුත් 2014 වසරේ දෙසැම්බර් මාසයේදි අමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස පත් කෙරුණා.
2016 වසරේ ඔහුගේ නිල කාලය අවසන් වුවද මෙතෙක් ශ්‍රී ලංකාවට වාර්ථා කර නොමැති බවයි යුද හමුදාව පවසන්නේ.
අදාළ බ්‍රිගේඩියර්වරයා දැරූ ආරක්ෂක උපදේශක තනතුර සඳහා නාවික හමුදා නිලධාරියෙකු දැනට පත්කර තිබෙනවා.
මින් ඉදිරියට එම තනතුර යුද හමුදාවට හිමි නොවන බවයි වාර්තා වන්නේ.
අදාළ බ්‍රිගේඩියර්වරයා යුද හමුදාව හැරගිය පුද්ගලයෙකු වශයෙන් නම් කර ඔහුට එරෙහිව පියවර ගෙන ඇති බවද යුද හමුදාව සඳහන් කළා.