අද (11) දිනයේත් පළාත් කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඌව පළාතේ සහ යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් බිබිල ප්‍රදේශයේත් විටින් විට පැයට කිලෝමීටර් 50 ක තද සුළං ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.