Sunday, September 22, 2024

General line - 0115112241

රංගිරි දඹුලූ ලෙන් විහාරය තවමත් විවෘතයි - ප්‍රවේශපත් අළෙවිය කිසිවෙකුටත් පවරන්නේ නැහැ - භාරකාර හිමියන්ගෙන් ප්‍රකාශයක් (PHOTOS)




රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත් අළෙවි කිිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලට භාර නොදෙන බව රංගිරි දඹුලූ රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන් පවසනවා. 

දඹුල්ල විහාරස්ථානයේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා. 

රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය තාවකාලිකව වසා දමන බවට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. 

ඊට දඹුල්ල ප්‍රදේශයේ විහාරස්ථාන රැසක ස්වාමීන් වහන්සේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ද එක්ව සිටියා. 

දඹුලූ ලෙන්විහාර සංකීර්ණයේ ඇති ලෙන් පහ ප්‍රමුඛතාව අනුව එක් එක් ලෙන බැගින් ක්‍රමානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වසා දැමීමටයි පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීරණය කළේ.   

එම උපදේශන මණ්ඩලය ඊයේ (10) රැස්වුණේ අමාතය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන්. 

දඹුලූ ලෙන් විහාරය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් විසින් සකස් කළ වාර්තාව මෙහිදී අවධානයට ලක්කර තිබෙනවා.