Sunday, September 22, 2024

General line - 0115112241

පේදුරුතුඩුව සන්සුන් - මියගිය තරුණයාගේ අවසන් කටයුතුවලට අධිකරණ නියෝගයක්




පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදි පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද (11) සිදු කෙරෙනවා. 

ඊට අදාළව පොලීසිය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන ඇති බවයි වාර්ථා වන්නේ. 

මියගිය තරුණයාගේ දේහය තැන්පත් කර තිබෙන්නේ පේදුරුතුඩුව, වෙම්බදි ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි නිවසේයි. 

අවසන් කටයුතු සිදු කෙරෙන සුසාන භූමිය නිවසේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරකින් පිහිටා තිබෙනවා. 

අවසන් කටයුතු සඳහා දේහය සුසාන භූමිය වෙත රැගෙන යාමේදී ඊට සුදුසු කෙටිම මාර්ගය යොදාගත යුතු බවටයි පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. 

වෙනත් ස්ථානවලට දේහය රැගෙනයාම හෝ විරෝධතා පැවැත්වීමද මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් කර තිබෙනවා.

මේ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් යොඳවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. 

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝග මත විමර්ශන සඳහා එම නිලධාරියා පත්කරනු ලැබුවා. 

අණ නොතකා ධාවනය කළ වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට පොලිස් නිලධාරින් දෙදෙනෙකු පසුගියදා වෙඩි තැබුවා. 

එහිදී 25 හැවිරිදි තරුණයෙකු මිය ගියා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.