Sunday, September 22, 2024

General line - 0115112241

තැපැල් සේවකයන් ආණ්ඩුවට සති දෙකක් කල් දෙයි




තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විසදුම් ලබා නොදුනහොත් නැවත වරක් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. 

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සිය ගැටළු සම්බන්ධයෙන් පත් කළ කමිටුව එකඟතා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි. 

තැපැල් දෙපාර්තමේන්තුවට සහ සේවකයන්ට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 26 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් තැපැල් සේවකයන් විසින් දියත් කරනු ලැබුවා. 

ඊට විසදුම් ලබාදීමට පත් කළ කමිටුව එකඟතා පමණක් තමන් වෙත ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.