Sunday, September 22, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ රියදුරෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු වන කපිතාන් තිස්ස විමලසේන අද (11) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. 

ඔහු සමග පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. 

සැකකරුවන් ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණද මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. 

සැකකරුවන්ට නඩු පවරා ඇත්තේ පොදු දේපොළ පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේයි. 

අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් අනූ ලක්ෂයකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව පවසමින් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. 

නඩුව කැඳවූ අවස්ථාවේදී දෙවන සැකකරු වන පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයා සිය නීතිඥයන් මගින් සඳහන් කළේ මහේස්ත්‍රාත් ඉදිරියේ තමන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවයි.